වාර්ෂික වැඩසටහන්

ඉතිහාසය

  • ප්‍රථම වර
    1993 ජූලි මස ඓතිහාසික කල්‍යාණිපුර රජ මහා විහාරයේ දී
  • දෙවන වර
    1994 සැප්තැම්බර් මස ඓතිහාසික රුහුණු තකරගම කිරිවෙහෙර අසල දී
  • තුන්වන වර
    2008 ජූලි මස 12 - 13 දෙදින පුරා
    අනුරාධපුර රත්නමාලී සෑ රදුන් අසල දී
  • හතරවන වර
    2009 අගොස්තු මස 29 - 30 දෙදින පුරා
    පඬුවස්නුවර රජමහා විහාරය අසල දී

  • පස්වන වර
    2010 සැප්තැම්බර් මස 04  - 05 දෙදින පුරා
    ඓතිහාසික මහියංගන සෑ රදුන් අභියස දී

  • හයවන වර
    2011 අගොස්තු මස 27 සහ 28 දෙදින පුරා
    රෝහණ පුර කිරිවෙහෙර අභියස දී

  • හත්වන වර
    2012 අගෝස්තු 25 -26 දෙදින පුරා
    කල්‍යාණිපුර රජමහා විහාරය අභියස දී
  • අටවන වර
    2013 අගෝස්තු මස 31 - සැප්තැම්බර් 01 දෙදින පුරා
    ඓතිහාසික පොළොන්නරුව ගල්විහාරය අභියස දී

  • නවවන වර
    2014 අගොස්තු මස 09 - 10 දෙදින පුරා
    රෝහණ පුර දීඝවාපී චෛත්‍ය රාජයාණන් අභියස දී
  • දහවන වර
    2015 ජූලි 18 -19 දෙදින පුරා
    සේරුවිල මංගල මහා සෑ රදුන් අභියස දී 

පූජා

දේවාරාධනා සහිත අංග සම්පූර්ණ  බෝධි පූජාව සහ බුදු පියාණන් වහන්සේ ලක් දෙරණ තලයේ දී වළඳන ලද ගිලන්පස වර්ග 109 කින් සමන්විත පාත්‍ර පූජාව

රටට, ජාතියට සෙත් පතා සිදු කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය සමග ගවපාන භොජන දානය සකස් කිරීම

ගවපාන භෝජන දානය

  • අප මහා බෝසතාණෝ පාරමී පුරන කල්හි මංගල බුදුරජාණන් දවස සුරුචි නම් බ්‍රාහ්මණව ඉපිද සසරේ නොනැසී විපාක දෙන දානයක් ගැන විමසූ විට බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලාට පමණක් වැළඳිය හැකි ඕජාගුණයෙන් ප්‍රබල දානයක් ගැන දේශනා කළ සේක. ඉන්පසු එම දානය පූජා කිරීමට සැලසුම් කළ සුරුචි බ්‍රාහ්මණ ශක්‍රදෙවි ප්‍රධාන සදේව ලෝකයාගේ උපකාරයෙන් දියනොමුසු එළකිරි රැගෙන, නොකැඩුණු සහලින්, සුවඳ දරින් ගිනි නොවදින සේ සිව්වරම් දේව ආරක්ෂාව මත විශේෂිත මණ්ඩපයක චතුමධුර සමග එම දානය සකස් කරන ලදී.
  • ඉන්පසු මංගල බුදුරජාණන් වහන්සේ ප්‍රධාන 500ක් මහ රහතන් වහන්සේලා වැඩම කරවා එම දානය පූජා කළ සේක. එම දානයෙහි කුසලබල උපදින සෑම ආත්මයකදීම අත් විඳින බව මංගල බුදු පි‍යාණෝ දේශනා කළ සේක. අප මහ බෝසතාණෝ ඉන්පසු උපදින ආත්මවලදී එම පිනෙහි ආනිසංස විඳිමින් පැමිණ අවසන් ආත්මය වන සිදුහත් බෝසත් ආත්මයේ දී අවසාන දානය වශයෙන් සුජාතා සිටු දෙිවියගෙන් ද එම ගවපාන භෝජන දානය හා සමාන දානයක් ලැබ දස බිම්බරක් මාරසෙන් පරාජය කර උතුම් බුදුබවට පත්ව දින 49ක් එම දානයේ ශක්තියෙන් නිරාහාරව වැඩසිටි සේක.
  • එබැවින් එම දානය මෙනෙහි කර සිදු කරනු ලබන බුදු, පසේබුදු, මහරහතන් වහන්සේ උදෙසා සිදුකරන බුද්ධ පූජාව අටමහා කුශලයක් හා සමානව ප්‍රබල වේ.

තපස්සු භල්ලුක මංගල දානය

  • අප බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව දින 49ක් නිරාහාරව සමවත් සුවයෙන් වැඩ සිට ප්‍රථම වතාවට ලැබූ මංගල දානයයි. තපස්සු භල්ලුක වෙළෙඳ දෙසො‍හොයුරන් විසින් ඹෟෂධීය ගුණයෙන් යුත් විළඳ මී පිඬු පූජාකරන ලදී. පූජාවේදී දෙසරණ සරණ ගිය උතුමන්ලාට බුදු පියාණෝ ප්‍රථම වරට කේශධාතු පිළිගැන්වූ සේක. එම ධාතූන් වහන්සේලා සමග ලක්දිව තිරියායෙන් ගොඩබට එතුමන්ලා කේශධාතු කොටසක් ඒ අසල තැන්පත්කරන ලදී. එම ස්ථානය අද හිරිගඩු සෑය වන අතර ක්‍රමයෙන් රට මැද වෙළෙඳාම් කරමින් හලාවතට නුදුරු ප්‍රදේශයක නතරව ඉතිරි ධාතූන් වහන්සේලා බෝ ගසක් මුල තැන්පත් කර ගරු බුහුමන් දැක්වූ අතර ටික දිනකින් ධාතූන් වහන්සේ සමග බෝ ගස ‍පොළොවට ගිලා බසින ලදී. ඉන්පසු එම ස්ථානයේ චෛත්‍යයක් සාදා වන්දනාමාන කළ අතර, එම ප්‍රදේශය අද බිංගිරිය නමින් හැඳින්වෙයි. සෑය පිහිටි විහාරය දේවගිරි රජමහා විහාරයයි.
  • ප්‍රථම වතාවට ලක්දිවට ධාතූන් වහන්සේලා වැඩමකළ එතුමන්ලාට පිං පිණිස කළගුණ සැමරීම් වස් මෙම මංගල දාන පූජාවද සිදු කරනු ලැබේ.

දහවල් බුද්ධ පූජාව

  • බුදු පියාණන් වහන්සේ ලක් දෙරණ තලයේ දී වළඳන ලද ව්‍යංජන 49කින් සමන්විත පාත්‍රා පූජාව

සංඝගත දක්ෂිණාව

  • බුදු පසේබුදු මහ රහතන් වහන්සේලාව සිහි කර සිව්දිගින් වැඩම කරවන ලද 250 නමක් ඉක්ම වූ ගරුතර මහා සංඝරත්නය විෂයෙහි විනයානුකූල අෂ්ඨපරිෂ්කාර සමග මහා සංඝගත දක්ෂිණාව පිරිනැමීම.

ආවාස කුටි සඟසතු කිරීම

  • වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන උතුම් සංකල්පය මුල් කර පන්සල රැකුණොත් ගම හැදෙන හෙයින් විහාරයේ නඩත්තුවට උරදීම් වස් අප පදනම විසින් පූජා නගරයක් මුල්කර ඒ අවටින් තෝරා ගත් විහාරාරාම 49ක් උදෙසා ආවාස පරිෂ්කාර ගරු භාණ්ඩ සඟ සතුකර පූජා කිරීම.
ආවාස පරිෂ්කාර භාණ්ඩ පූජාව
  • කිරි වෙහෙර අභියස සකස් කළ අලංකාර කුටි 49ක් තුළ තැන්පත්කළ ආවාස පරීක්ෂා කර භාණ්ඩ විහාරාරාම 49ක් උදෙසා සඟ සතු කර පූජා කිරීම.

එක් විහාරාරාමයක් විෂයෙහි පූජා කෙරෙන ආවාස පරිෂ්කාර පූජා භාණ්ඩ ලේඛනය

  • වටිනා දහම් පුස්තක
  • විනයානුකූල චැලෙන්ජර් වර්ගයේ අෂ්ඨ පරිෂ්කාරය
  • ඇඳ 3.5 x 6 (ඉහළ ප්‍රමිතියෙන් යුත් දැවයෙන් කළ)
  • මේසය 4 x 2.5 (ඉහළ ප්‍රමිතියෙන් යුත් දැවයෙන් කළ)
  • ගුරු පුටුව
  • ඇඳ ගුදිරිය (උසස් ප්‍රමිතියෙන් ‍යුත්‍ ‍‍ෆෝම් රබර්)
  • වතුර ෆිල්ටරය
  • විදුලි පන්දම
  • විදුලි කේතලය
  • මදුරු දැල - (ලොකු)
  • ගමන් මල්ල
  • කහ කුඩය
  • පාවහන් යුගල
  • ඇඳ ඇතිරිල්ල, කොට්ටය
  • බේසම
  • පා පිස්නාව
  • පඩික්කම
  • පැදුරක්
  • සෙරමික් ජොග්ගුව
  • සෙරමික් පිඟාන
  • සෙරමික් කෝප්පය
  • කසල දමන බඳුන
  • කිරිපිටි බෝතලයක්
  • පැනඩෝල් පෙට්ටි 1ක්
  • සිද්ධාලේප
  • දත් බෙහෙත්
  • සබන් වර්ග
  • ගිලන්පස ද්‍රව්‍ය
  • සීනි
  • තේකොළ
  • කෝපි යනාදිය  

කප්රුක් පූජාව

  • ඉඳිකටුවේ පටන් අලි ඇතුන් දක්වා එක් කර පූජා කළ හැකි පූජාවක් වන අතර හැකි තරම් භෞතික භාණ්ඩ ඒකරාශි කර එම භාණ්ඩ සඟ සතු කිරීම.

ශ්‍රී ස්කන්ධ කුමාර දේව පූජාව

  • වත්මන් ලෝකයේ කාලගුණික විපර්යාසයන්ගෙන් හා ඇතිවන අනේකවිධ ව්‍යසනවලින් රටත්, රටෙහි ජාතීනුත් ආරක්ෂා කිරීම්වස් පලතුරු එක් වර්ගයකින් 108 බැගින් රැගෙන සෙත් පතා සිදු කරනු ලබන දුර්ලභ ගණයේ දේව පූජාවක් වන ශ්‍රී ස්කන්ධ කුමාර දේව පූජාව සමග දායකාරකාදී වූ සියලු ජනතාව වෙනුවෙන් සදේව ලෝකයා වෙනුවෙන් සිදු කරනු ලබන ආරාධනා පුණ්‍යානුමෝදනාව.