2011 වාර්ෂික වැඩසටහන

ගම්පහ සුමග පදනම
හයවන වරටත් සංවිධානය කරන
අසදෘෂ මහා දාන පූජාව
අප සම්මා සම්බුදු පියාණන් අවසන් වරට
සමවත් සුවයෙන් වැඩ විසූ
රෝහණපුර
කතරගම කිරිවෙහෙර අභියස දී...

වර්‍ෂ 2011 ක් වූ අගෝස්තු මස
27 ශනිදා 28 රවිදා.....
දෙදින පුරා පැවැත්වෙන
මහා දානමය පිංකම් මාලාව

රෝහණපුර ඓතිහාසික කතරගම කිරිවෙහෙර විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල උප කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක උපාධ්‍යාය ආචාර්ය අළුත්වැවේ ‍සෝභිත ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්.
බෞද්ධ ශාසන ලැදි ධර්මානුකූල ව්‍යාපාරික හා පිං කැමති පිරිසකගේ දායකත්වයෙන් යුතුව ගල්දූව ආරණ්‍ය සේනාසන වාසී විචිත්‍ර ධර්ම කථක පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන්.
මෙවැනි පූජාකර්ම හඳුන්වාදුන් අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත මාහෝ සුමේධ ස්වාමීන් වහන්සේට පිං පමුණුවමින්, බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය ප්‍රාර්ථනා කරමින් අපගේ මේ උතුම් ධර්මද්වීපයට ද සියලු ජාතීන්ට ද සෙත් පතා සිදු කරන්නට යෙදෙන මේ මහා පුණ්‍ය කර්මයට සහභාගිවීමෙන් ද දායක වීමෙන්ද සසර ගමනේ නොනැසෙන මෙම කුසලබල රැස්කර සරු පිං කෙතක් තනා ගන්නට ගම්පහ සුමග පදනමෙන් ඔබට ආරාධනා............

පෙළගැස්ම
27 වෙනි ශනිදා:

සවස 5.00ට
  • දේවාරාධනා සහිත අංග සම්පූර්ණ බෝධි පූජාව
  • ගිලන්පස පාත්‍ර 109ක් සමග චෛත්‍ය වන්දනාව පංචතූර්ය නාදය සමග.
  • රාත්‍රී සපැමිණි සැදැහැවතුන් උදෙසා දන්සැල.
රාත්‍රී 10.00ට
  • ව්‍යංජන 49ක් සමග පාත්‍ර 109කින් සමන්විත දහවල් බුද්ධ පූජාව පූජා කිරීම.
උදේ 11.00ට
  • බුදු, පසේබුදු, මහරහතන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය සිහිකර සතර දිශාවෙන් වැඩමකළ 250ක් ඉක්ම වූගරැතර මහා සංඝරත්නය උදෙසා විනයානුකූල අෂ්ටපරිෂ්කාර සමග සංඝගත දක්ෂිණාව පිළි ගැන්වීම.
  • රුහුණු කතරගම පුණ්‍ය භූමිය කේන්ද්‍රගතව තෝරා ගන්නා ලද විහාරාරාම 49ක් විෂයෙහි එක් විහාරයකට රු. 40,000කට අධික වටිනාකමෙන් යුත් ආවාස පරිෂ්කාර ගරු භාණ්ඩ සඟ සතු කර පූජා කිරීම.
  • මහා කප්රුක් පූජාව සඟ සතුකර පූජා කිරීම.
  • සපැමිණි සැදැහැවතුන් උදෙසා දිවා දන්සැල.
සවස 5.00ට
  • සමස්ත ලක්වැසි ජනතාවට, රටට සෙත්පතා සිදු කරනු ලබන අටොරාශී ශ්‍රී ස්කන්ධ කුමාර දේව පූජාව හා ආරාධනා පුණ්‍යානුමොදනාව පැවැත්වීම